ඔබව බිය කරන කනවැන්දුම් යෝග ඇත්තටම භයානකද?
Back to Blog

06 May 2026

ඔබව බිය කරන කනවැන්දුම් යෝග ඇත්තටම භයානකද?

අතීතයේ සිටම සිංහල සංස්කෘතිය තුළ විවාහයකදී කේන්ද්‍ර පරීක්ෂාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි

අතීතයේ සිටම සිංහල සංස්කෘතිය තුළ විවාහයකදී කේන්ද්‍ර පරීක්ෂාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි
.එහිදී බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක්වන, ඇතැම් විට විවාහ යෝජනා පවා අත්හැර දැමීමට හේතුවන ප්‍රධාන සාධකයක් වන්නේ "කනවැන්දුම් යෝගයයි"

මෙම ලිපියෙන් අප විමසා බලන්නේ ජ්‍යෝතිෂයට අනුව මෙම යෝගය සැකසෙන්නේ කෙසේද සහ එහි ප්‍රායෝගික බලපෑම කෙබඳුද යන්නයි

මොකක්ද මේ "කනවැන්දුම් යෝගය"?

ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව ස්ත්‍රියකගේ කේන්ද්‍ර සටහනක ඇයගේ සහකරුට අකල් මරණයක්, දීර්ඝකාලීන වෙන්වීමක් හෝ විවාහ ජීවිතයේ දැඩි අසහනයක් ඇති කළ හැකි ග්‍රහ පිහිටීම් "කනවැන්දුම් යෝග" ලෙස හඳුන්වයි

මෙය පුරුෂ කේන්ද්‍රයක පවතින විට එය "භාර්යාව අහිමි වන" යෝගයක් ලෙස අර්ථකථනය කෙරේ

යෝගය සැකසෙන ප්‍රධාන ග්‍රහ පිහිටීම්
- කේන්ද්‍රයක විවාහය සම්බන්ධව බලපාන ප්‍රධාන ස්ථාන වන්නේ 2, 7 සහ 8 යන භාවයන්ය
- අටවැන්නේ කුජ සිටීම මගින් මාංගල්‍ය ස්ථානයේ කුජ සිටීම ප්‍රබල කනවැන්දුම් යෝගයක් ලෙස සැලකේ
- සහකරු නිවේදනය කරන 7 වැන්නේ ශනි, රාහු හෝ කේතු වැනි පාපී ග්‍රහයන් තනිව හෝ සංයෝගව සිටීම
- ලග්නාධිපති සහ හත්වැන්නාධිපති යන ග්‍රහයන් දෙදෙනා 6, 8, 12 වැනි දුෂ්ට ස්ථානවල තැන්පත් වීම හෝ නීච වීම,
යන කාරනා නිසාද කනවැන්දුම් යෝගය ඇතිවේ
.
එයට විසදුම් ලෙස,
බොහෝ දෙනා සිදුකරන වැරැද්දක් වන්නේ කේන්ද්‍රයක එක් ග්‍රහ පිහිටීමක් පමණක් බලා නිගමනවලට එළඹීමයි

ජ්‍යෝතිෂයේ "දෝෂ භංග වන" ක්‍රමවේද රාශියක් ඇත: කනවැන්දුම් යෝගයක් තිබුණද, ගුරු (බ්‍රහස්පති) වැනි සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ටිය එම ස්ථානයට වැටේ නම් එම දෝෂය අහෝසි වී යයි

දෙදෙනාටම කුජ දෝෂය තිබීම මගින් දෝෂය සමනය වන බව "කුජ දෝෂයට කුජ දෝෂය කැපේ" යන ජ්‍යෝතිෂ නීතියෙන් පැහැදිලි වේ

ජ්‍යෝතිෂය යනු මඟපෙන්වීමක් පමණි

කේන්ද්‍රයක මෙවැනි දෝෂයක් පවතින විට කළ යුත්තේ බිය වී පසුබෑම නොව, නිවැරදි ලෙස පොරොන්දම් ගැලපීමක් සිදු කර ගැනීමයි
සියල්ලටම වඩා වැදගත් වන්නේ දෙදෙනා අතර පවතින අවබෝධය, ඉවසීම සහ ආදරය බව අමතක නොකළ යුතුය


More Articles

Chiranjeewani Support

Frequently Asked Questions

Hi! 👋 How can I help you today? Choose a question below or reach out on WhatsApp.
View All FAQs → More questions? Chat on WhatsApp